මැතිවරණය කියන්නෙ යටිබිම්ගත මතවාදයනට නැත්නම් සාමාන්‍ය ජනයාට ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගී වන්නට දී අැති එකම අවස්ථාව..
ඉතින්,
මෙතැන් පටන් ලංකා ඉතිහාසයේ අපි අත්දකින සෑම මැතිවරණයකම යටගිය සහ යන සත්‍යය අපක්ෂපාතීව විවරණය කරන්න අපි සූදානම්.. මේ එහි කෙම්බිමයි....
...........................................................................................................
අසම්පූර්ණ පශ්චාත් විවරණයක්
මැතිවරණය
අවසන්. මැතිවරණය පැවැත්වූ සියළු පළාත් සභා තුළ අදාල කාල සීමාව තුළ සර්ව සාධාරණ වාතාවරණයක්
පැවැති බවට සහතික දීම අපහසු වුවත් පැවති තත්ත්වය ඉතා භයානක නොවූ බව කිව යුතුයි. සියළු නිරීක්ෂකයින්ගේ පූර්ව නිර්මිත නිගමනයන් සනාථ
කරමින් උතුර ඉලන්කෙයි තමිල් අරසුකච්චිත් මධ්‍යම හා වයඹ සන්ධානයත් ජය ලැබුවා. බලාපොරොත්තු
නොවූ එකම දේ නම් මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර ඡන්ද බල ප්‍රදේශය ඉතා සුළු පරතරයකින්
වුව එජාපය ජය ගැනීමයි. ඉන් කියැවුනත් තරඟකාරී දේශපාලන සංස්කෘතියකට තවමත් ඉඩක් ලංකාව
තුළ පවත්නා වග එජාපය යථෝක්ත තත්ත්වය නොතේරුම්ගනු නියත හෙයින් ලාංකේය දේශපාලන
දිශානතිය තමිල් අරසුකච්චි හා නිදහස් සන්ධානය අතර බල හුවමාරුවක් බවට පත් වනුද
නියත බැව් සිතිය හැකියි. එහි එකම දෝෂය නම් දකුණට සන්ධානය හැර වෙනත් විකල්ප අහෝසි
වී යාම වන අතරම උතුර තුළ තත්ත්වය මීට වෙනස් බැවින් හා ඔවුන්ගේ වරණය වඩාත් තරඟකාරී
වනු අැති බැවින් ප්‍රජාතාන්ත්‍රික මූලධර්මයට අනුව උතුර තුළ ප්‍රබල දේශපාලන සංස්කෘතියක්
ද අැති වීමේ සාධක පෙන්නුම් කෙරෙයි.නමුත් එහි දිශානතිය ජනතා නියෝජිතයන්ගේ ක්‍රියාකාරීත්වය
මත පවතිනු නියතයි.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (සරත් ෆොන්සේකා ප්‍රමුඛ)
තෙවන බලවේගයක ස්වරූපයට හැඩ ගැසෙමින් පැවතීම යෝග්‍ය වුවත් තව දුරටත් සුළු පක්ෂ විසින් මෙරට දේශපාලනයට යහපතක් අැති කරනු අැතැයි සිතීම මුලාවක්
බවට පත් වනුයේ ඔවුන් ද හෙළ උරුමය හෝ ජානිපෙ නැතිනම් ජවිපෙ සිටිනා කුලකයට අනුගත විය හැකි
බැවින්ය.මන්ද යත් ඔවුන්ගේ කාර්යය කිරීමට පක්ෂ දේශපාලනයක් අනවශ්‍ය වීමයි. ප්‍රජාතන්ත්‍රවාදී
පක්ෂය එම ඉරණමට ලක් නොවුණහොත් යහපත් දේශපාලන සංස්කෘතියකට එය මනා පිටිවහලක් වනු අැත.
කෙසේ
වෙතත් විසුරුවීමට තවත් පළාත් සභා 6ක් ඉතිරිව තිබෙන අතරම ඒවා ද පොදුවේ සළකා බැලීමෙන්
විනා නිශ්චිත නිගමන කරා එළැඹීම යුක්ති යුක්ත නොවෙයි. පළාත් සභා ඉතිහාසයේ ප්‍රථම වරට
පැවති මැතිවරණය (උතුර සදහා) විසින් මෙරට මහා අාණ්ඩුවට ගෙන දුන්නේ විය යුතු හා කාලීන පණිවිඩයකි. ඒ උතුර එහි ජනයාට වඩාත් සමීප
පක්ෂයට භාර දීමෙනි. නමුත් දේශපාලනය තුළ විශ්වාසය තැබිය හැකි කිසිවක් නොමැති බව උතුරේ
ජනයා අවබෝධ කරගත යුතුය.නමුත් වාසනාවකට හෝ අවාසනාවකට වර්ථමාන සන්දර්භය තුළ ඔවුනට
තමිල් අරසු කච්චි පක්ෂය කෙරෙහි තම පූර්ණ විශ්වාසය තැබීමට සිදුව තිබේ. ඒ උතුරේම නැතිනම්
තමන්ග්ම යහපත උදෙසාය. මන්ද යත් මධ්‍යම අාණ්ඩුව හා සමඟ ප්‍රතිපාදන වෙන් කරගනිමින් උතුර
ගොඩ නැගීමේ වරම ජනතාව විසින්ම ඔවුනට ලබා දී අැති හෙයිනි. නමුත් සැළකිය යුත්ත නම්
සන්ධාන අාණ්ඩුව විසින් තම ගැටළු උදෙසා සෑහීමකට පත්විය හැකි විසදුම් හා එකඟතා වලට නොපැමිණුනහොත්
ඉන්දීය හෝ වෙනත් මැදිහත් වීමක පිහිට පතන බවට විග්නේෂ්වරන් විසින් මැතිවරණයට පසු
දිනම මාධ්‍යයට පැවසීමයි.එය එතරම් සුභ පණිවුඩයක් ද නොවනු අැති බවයි අපගේ විශ්වාසය.මෙම
තත්ත්වය ද සැළකිල්ලට ගෙන රජය තම ගනුදෙනුව කළ යුත්තේ එ් නිසයි.
සමස්ථයක්
ලෙස ගත් කළ ඡන්දය ප්‍රකාශ කිරීම තවමත් නිසි ප්‍රජාතාන්ත්‍රික ස්වභාවයක් උසුලන රටක තිබිය
යුතු තරමේ ප්‍රගතියක් පෙන්නුම් නොකරන බැව් සුපුරුදු පරිදි දැකගත හැකි වූ ප්‍රමාණාත්මක
නොවන ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව විමසූ කල දැකගත හැකි වුනා. ඒ මධ්‍යම හා වයඹ තුළ. (පහත නිල් පැහැ වගුව) එසේ වුවත් තම ප්‍රථම
සහභාගීත්වයේදීම උතුරේ ජනයා දක්වා තිබෙන උනන්දුව ප්‍රශස්ථ බව ද කිව යුතුයි. මන්ද යත්
රටක ජනතාවට තම අභිමතයෙන් තමන්ගේ දියුණුව හා උන්නතිය උදෙසා තම යටහත් සේවකයින් පත්
කරගැනීමේ අවස්ථාව ඔවුනට උදා වූයේ පළමු වරට නිසා.
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව
/ ප්‍රකාශිත ඡ.සංඛ්‍යාව
වයඹ පළාත 17,54,218 11,14,702
මධ්‍යම පළාත 18,89,557 12,72,669
උතුරු පළාත 7,19,477 4,85,813
මෙවර
මැතිවරණ නිරීක්ෂකයින්ගේ ප්‍රකාශ විමසා බැලූ විට පූර්ව මැතිවරණ කාල සීමාව තුළදී අාරක්ෂක අංශ මහජනයාට යම් යම් බළපෑම් කිරීම් හැරුණු
විට ජනතාව අනේයන්‍ය ගැටුම් තුළට නොයා දියුණු හා සැළකිය යුතු මට්ටමක සහභාගීත්වයක්
ඊට ලබා දී තිබෙනවා. (පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ද සිදු වූ බැව් ඔබ දන්නවා අැත)
අපේක්ෂකයින් අතර මනාප සදහා තිබූ පොරය අපට වැදගත් නොවන බැවින් (වැදගත් ලෙස සැළකිය
යුතු වුවත් එසේ කිරීමෙන් ඔවුන්ගේ රඟපෑම්වලට ජනතාව රැවටුනු බැව් සිතී යා හැකි බැවිනි.)
එ් පිළිබඳව සාකච්ඡා කිරීම අනවශ්‍යයි.
සන්ධානය ලද ජය හා තමිල් අරසු කච්චි ලද ජය ඔවුනට තම
වටිනා වරණය පිරිනැමූ ජනතාව ලත් ජයග්‍රයණයක් විය යුතු සේම එසේ වන තාක් අප ජනතාව සමඟ
සිටිනා වගද දැනුම් දීම සඳහා මේ හොඳම අවස්ථාවක්.............
ඔබගේ අධ්‍යයනයට (2013.09.21 පළාත් සභා මැතිවරණ
පළාත් ප්‍රතිපල)
·
වයඹ
එ.ජ.නි.ස. ලැබූ
ඡන්ද සංඛ්‍යාව 705188 ලැබූ අාසන සංඛ්‍යාව 34
එ.ජා.ප. ලැබූ
ඡන්ද සංඛ්‍යාව 257011 ලැබූ අාසන සංඛ්‍යාව 12
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලැබූ
ඡන්ද සංඛ්‍යාව 46114 ලැබූ අාසන සංඛ්‍යාව 03
ශ්‍රී.මු.කො. ලැබූ ඡන්ද සංඛ්‍යාව 27860 ලැබූ අාසන සංඛ්‍යාව
02
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1 114 702
වලංගු ඡන්ද සංඛ්‍යාව 1 061 487
·
උතුර
ඉ.ත.අ.ක. ලැබූ ඡන්ද සංඛ්‍යාව
353595 ලැබූ අාසන සංඛ්‍යාව
30
එ.ජ.නි.ස.
ලැබූ ඡන්ද සංඛ්‍යාව 82838 ලැබූ අාසන සංඛ්‍යාව
07
මු.කො. ලැබූ ඡන්ද සංඛ්‍යාව
6761
ලැබූ අාසන සංඛ්‍යාව 01
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 485813
වලංගු ඡන්ද සංඛ්‍යාව 450574
·
මධ්‍යම
එ.ජ.නි.ස. ලැබූ ඡන්ද සංඛ්‍යාව 716247
ලැබූ අාසන සංඛ්‍යාව 36
එ.ජා.ප. ලැබූ
ඡන්ද සංඛ්‍යාව 330815 ලැබූ අාසන සංඛ්‍යාව
16
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලැබූ
ඡන්ද සංඛ්‍යාව 45239 ලැබූ අාසන සංඛ්‍යාව
02
ලංකා කම්කරු කො. ලැබූ ඡන්ද සංඛ්‍යාව 29285 ලැබූ අාසන සංඛ්‍යාව
02
කදුරට ජනතා පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 24913
ලැබූ අාසන සංඛ්‍යාව 01
මු.කො. ලැබූ ඡන්ද සංඛ්‍යාව
17788 ලැබූ අාසන සංඛ්‍යාව
01
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1272669
වලංගු ඡන්ද සංඛ්‍යාව 1190508
එ්. නුවන් ඉෂාර මහගමගේ
No comments:
Post a Comment