Tuesday, August 27, 2013

විකල්පයක අවශ්‍යතාවය

ශී්‍ර ලාංකික දේශපාලන ප්‍රවාහය තුළ අපට අද වන විට දක්නට ලැබෙන මූලික දුර්වලතාවක් ලෙස හදුනාගත හැක්කකි විකල්ප දේශපාලන ප්‍රවාහයන් බොහෝදුරට දුර්වල වීම සහ ඒ මත රාජ්‍ය යාන්ත්‍රණයේ හස්තයන් කි්‍රයාත්මක වීම. ලෝක දේශපාලන කරලිය නව්‍ය දේශපාලන සභ්‍යත්වයන් සහ ඒ තුළින්ම මතු කරගත් පුහු සාටෝපයන් සමඟින් වර්ධනය වී අැති වාතාවරණයක් තුළ අප තවමත් සිටිනුයේ ගව් ගණනක් මෙපිටිනි. නොහොත් යට කී පුහු අාටෝප පමණක් උකහාගත් දේශපාලනයක නියැලෙමිනි. ඒ තුළ ජාත්‍යන්තරයේ අනිවාර්යය බළපෑම් ශී්‍ර ලංකාව දෙසට ඒල්ල වීම වැළැක්විය නොහැකිවා සේම මිනිස් ප්‍රජාවක් ලෙස ලැබිය යුතු සභ්‍යත්වයේ සීමාවන්ගෙන්ද දුරස් වීම වැළැක්විය නොහේ. මිනිස් අයිතිවාසිකම්, නන් වැදෑරුම් නිදහස, සමානාත්මතාවය, අධිකරණ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, සහ යහ පාලනය යනු තව දුරටත් වාච්‍යාර්තය අතික්‍රමණය කළ සහ ඒ පිළිබදව කතා කරන්නවුන් අාරක්ෂා කෙරෙන මතවාදයන් බවට පත් කළ යුතු සංකල්පයන්ය. නමුත් මෙි මොහොත තුළ අප වසන සමාජ ප්‍රපංචය තුළ සිදු නොවන්නේද ඒයයි. මිනිසෙක් ලෙස ඉපිද වෙනස් කොට නොසළකන සර්ව සාධාරණ සමාජ ක්‍රමයක් උදෙසා සටන් වැදීම අප සතු අයිතිවාසිකමකි.
නමුත් ගතවෙමින් පවත්නා සෑම තත්පරයක් පාසාම අප අත්ව්දිනුයේ මිට හාත්පසින්ම වෙනස් අත්දැකීම් සමූහයකි.
රටක් සංවර්ධනය කරා ගෙන යාමේදී ඔ්නෑම රජයකට අතපසුවීම් සිදු නොවන්නේ නොවේ. ඒසේම අදාළ මොහොතේ විපක්ෂයට නිහඬව සිටීමටද සාධාරණ හේතූන් තිබිය හැක. රටක් තුළ ප්‍රධාන වශයෙන් ජනතාවගේ දේශපාලනික ගැලවුම්කරැවන් ලෙස කි්‍රයාකරන මේ දෙපළම මෙලෙස වගකීම් විරහිත තත්වයක කි්‍රයාකරන විට ජනතාව වෙනුවෙන් කවරෙකු හඬ නගයිද යන්න ගැටළුවකි. මෙවැනි තත්ත්වයන් සංක්‍රාන්ති සමයයන් ( ඔවුන්ගේ ඉගැන්වීම් පරිදි) හෝ හුදු ගන්ධබ්භ අවධීන් නොව ජනතාව විසින් මනා අවබෝධයකින් යුතුව පාලනයට ලක් විය යුතු තීරණාත්මක අවධීන්ය. ඒ ලෙස තීරණාත්මක වන්නේ මන්ද යත් රාජ්‍ය යාන්ත්‍රණයේ හිඩැස් මකාලන්නට රටක් මත පතිත වන ජාත්‍යන්තර බලපෑම් (ලංකාවේ බොහෝ අය වැඩියෙන්ම බිය සාධකය) සහ ප්‍රවණතාවයන්ගේ අවසන් බළපෑමට ගොදුරු වන්නන් සාමාන්‍ය ජනතාව වන නිසාය. නොහොත් පාලකයන් හට(රජය සහ විපක්ෂය) බලය ලබා දී නිහඬ වීමේ පල විපාක තනිව විදගැනීමට සිදු වීමය. නැතහොත් (ජාත්‍යන්තර බළපෑම් අමතක කොට) ඔිනෑම මොහොතක පැවතිය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක අවසාන ප්‍රථිපලය ඒහි වගකිවයුත්තන්ට පවා ගෙන ඒන්නේ අතිශය බිහිසුණු ඉරණමක් වන බැවිනි(ඒසේ නම් පාලිතයන් වන අප ගැන කවර කතාද?

නිර්දෙශපාලනික සත්ත්වයා හෙවත් අසම්පූර්ණ මිනිසා

"මිනිසා වූ කලී ස්වභාවයෙන්ම දේශපාලනික සත්ත්වයෙකි.
 සම්පූර්ණ මිනිසා කිසිසේත්ම දෙශපාලනයෙන්
මිදෙන්නෙක් නොවෙ."
-Arristotle-