බලන් කඩතුරා හැර දෑසේ

බලන් කඩතුරා හැර දෑසේ

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ඉතාම මෑතකදී කළ සමීක්ෂණයන්ට අනුව ලංකාවේ මෑත කාලීන ජන විකාශනය හා සම්බන්ධ ඉතා වැදගත් තොරතුරු සමුදායයක් ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ මෙරට වාසය කරන සියළු ජන වාර්ගික කණ්ඩායම් පිළිබදව ඔවුන්ගේ පැතිරීම් පරාසය (ජන ගහණයට සාපේක්ෂව ඔවුනට හිමි වන්නා වූ ප්‍රතිශතය)සියළු ජන වර්ගයන්ගේ අැතිව තිබෙන වර්ධනය හා උක්ත වර්ධන වේගයන් (1981 ට සාපේක්ෂව) සළකා බැලීමෙනි. පළමුව මෙම දත්ත දෙස අවධානය යොමු කරමු.
1981 දී ලංකාවේ ජන සංයුතිය(ප්‍රතිශත අගයයන්)
·සිංහල                 74%
·ශ්‍රී ලංකා දෙමළ            12.7%
·ඉන්දීය දෙමළ          5.5%   
·යෝනක           7%
·       වෙනත්           0.8%
2012දී ලංකාවේ ජන සංයුතිය(ප්‍රතිශත අගයයන්)

· සිංහල                 74.9%
·ශ්‍රී ලංකා දෙමළ            11.2%
·ඉන්දීය දෙමළ          4.2%   
·යෝනක           9.2%
·වෙනත්           0.5%
දැන් නැවත අපගේ සංවාදයට යොමු වෙමු. ඔ්නෑම රටක ජනගහණය යනු අදාල රටෙහි ප්‍රධාන සංවර්ධන සාධකයයි. ඊට හේතු වන්නේ ඔ්නෑම රටක ජනී ජනයා තම ශක්ති පමණින් රටෙහි ශ්‍රම බළකාය තුළ සක්‍රීය වන ප්‍රමාණය හා ඒහි හැකියාව මත අදාළ රට කොතෙක් දුරට සංවර්ධනය කරා යාමේ මාවතට ප්‍රවිශ්ට වී අැත්දැයි විමසීමේ මූලික නිර්ණායක සැපිරීම නිසාය. වෙසෙසින්ම ඔ්නෑම රටක සේවා නියුක්තියේ නිරපේක්ෂ වර්ධනය අත්‍යන්තයෙන්ම රටෙහි ජනගහනය හා සබැදෙන අතරම ඒහි සාපේක්ෂ වර්ධනය අත් කරගැනීමේදී පවත්නා රජයන්ට සැපයෙන ප්‍රමුඛතම උත්තේජක කාර්යයභාරයද ඉටු කෙරෙන්නේ අදාළ රටේ ජනගහනය විසිනි. චීනය,ඉන්දියාව,බ්‍රසීලය වැනි රාජ්‍යයන් මෑත කාලීන ධනවාදී වෙළද ක්‍රමය තුළ තම ප්‍රාග්ධන සම්පත් වර්ධනය කරගැනීම හා සාර්ව අාර්ථික වර්ධන ක්‍රියාදාමය තුළ ප්‍රබල ලෙස නැගී සිටිනුයේ තම ජනගහනය ප්‍රබල අවියක් කොට ගෙන බැව් ද අවිවාදිතය. විශේෂයෙන්ම ඔවුහු තම ජනගහනය අාර්ථික ප්‍රතිපත්තීන්හි අවියේජනීය සබැදුමක් කොට ගෙන සිටිති. (මෙහි උච්චතම ලක්ෂයයන් පසු කිරීම හේතු කොටගෙන මෑත කාලය තුළ මෙම රාජ්‍ය සමහරක් ජනගහන සීමා ප්‍රතිපත්ති ගෙන අා බැව්ද නොසැළකිය නොහේ.)
කරුණු කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් පවා රටක මූලාකෘතිය තුළ ජනගහනය හතරෙන් පංගුවකම හිමිකාරීත්වය දරන්නේය.මෙනයින් විමසූ කළ රාජ්‍යයක ඉදිරි ගමන කෙරෙහි වන තීරණාත්මක බළපෑමක් ජනගහනය තුළ ගැබ් වෙයි.
අපි දැන් සිදුවීම් කිහිපයක් පෙළගස්වමු...
·       ඉන්දියාව තුළ ජනගහන ප්‍රතිශතයෙන් 5% ක පමණ කෝටාවක් ලබන සික් ජන වර්ගයට අයත් මන්මෝහන් සිං ඉන්දීය අගමැති වීම.
·       දකුණු අප්‍රිකා ජනගහනයෙන් තුනෙන් දෙකකට අාසන්න කෝටාවක් හිමි ජේකබ් සූමාට සුදු ජාතික බලය පැරදීම උදෙසා මහත් සටනක් දීමට සිදු වීම.
·       කළු ජාතික බැරක් ඔබාමා අමෙරිකානු ජනපති වීම.
·       1912 දී ලංකාව තුළ පවා සීමිත ඡන්දය තුළ ඒවක 5%ක පමණ ප්‍රමාණයක් වූ ද්‍රවිඩ ජාතික පොන්නම්බලම් රාමනාදන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පත්වීම.
 උක්ත අවස්ථා විමර්ශනය තුළින් ඒළැඹිය හැකි නිගමනය කුමක්ද?
ඒ නම් අවස්ථා ලාභය හා සම්බන්ධ මූලික මානව හිමිකම තුළදී ජනවර්ග සාධකය හෝ රටක ජනගහන වර්ධනය තුළදී පොදු බවකින් තොර පාර්ශ්වීය දැක්මකින් හෝ අැති කරනු බලන සෙතක් නොමැති බැව් නොවේද?
දැන් අපි සමකාලීන සමාජ ස්ථරය සිදුරු කරමු. තත්ත්වය කෙසේදමේ වන විට රට තුළ අාගමික අන්තවාදයක අාරෝපිත හෝ තථ්‍ය බියක් හටගෙන තිබේ. ඒහි බරපතලම නැඹුරුව ලෙස මේ වන විට අාගම නොහොත් ජන වර්ගය උදෙසා (අැතැම්හු ජාතිය යැයි පටලවාගෙන සිටීම අර්බුදයන්හි මුල යි) වර්ගයා බෝ කිරීමේ තරඟයකට ප්‍රවිශ්ට වීමේ හා ඊට අවැසි පසුබිම තැනීමේ නොනිල අධිකාර බලයක් අැතැමෙකු සතු කරගැනීමේ උත්සාහයක නිරතවීම දැකගත හැක. කොටින්ම කියතහොත් මුසල්මානු ගැටළුව තුළ සමහර භික්ෂූන්ගේ හා දේශපාලකයන්ගේ ප්‍රතිචාරය වූයේ අසීමිතව තම වර්ගයා බෝ කරවීමට බෞද්ධයන්ට උඩගෙඩි දීමය. ඔවුහු අතීසාරයට අමුඩ ලබා දුන්හ.ඒවා ගසා ගැනීම හෝ නොකිරීම ජනතා කාර්යයකි.
දැන් අපි තත්ත්වය විමසමු.
1981 හා 2012 කාල පර්ච්ඡේදය සළකන කළ සිංහල ජනගහන වර්ධන වේගය 1.04%කි. ඉන්දීය ද්‍රවිඩ වර්ධන වේගය 0.09% වන විට ලංකා ද්‍රවිඩ වර්ධන වේගය 0.60 ක් වී අැත. යෝනක ජන වර්ධන වේගය 1.87% කි. විශේෂ ලක්ෂණය නම් වෙනත් කාණ්ඩය යටතේ වර්ග කෙරෙන අනෙකුත් සියළුම ජන වර්ගයන්ගේ වර්ධනය -0.23 ක් හෙවත් ක්‍රමයෙන් අඩු වීමක් පෙන්නුම් කිරීමයි.
අප මුලින් දැක්වූ පරිදි රටක ජනගහනය අදාළ රටෙහි සම්පතක් වෙයි. ඒසේම ජනගහනය යනු ඉතා සීරුවෙන් නඩත්තු කළයුතු සාධකයක් ද වේ. ඒ රාජ්‍යයෙහි සුභසාධනය හා තිරසාර හා සාර්ව අාර්ථිකයක යහ පැවැත්ම වෙනුවෙනි.
ඒ ක්‍රියාවලිය තුළදී සාර්ව ස්වභාවයකින් යුතුව දීර්ඝකාලීන දැක්මකින් කටයුතු කළ යුතුය.ඒසේ නොමැතිව ඒක් ජනවර්ගයකට ඒරෙහිව තවත් ජන වර්ගයක් සටන් වදිමින් රට පිටුපසට තබා අාගම හෝ ජන වර්ගය වැනි ඉතා ද්විතීය සාධක පෙරට තබමින් නොවේ. ඒසේ වූවා නම් අද මන්මෝහන් සිං නාටාමි මහතෙකි. ජේකබ් සූමා දඩයක්කාරයෙක් වන අතර ඔබාමා කෙන්යාවේ උෟරන් නහවනු අැත.
(මෙම ලිපියෙහි ජනගහන දත්ත පළ කරන ලද්දේ වුවමනා කණ්ඩායම්වලට ඒ අැසුරෙන් අාගම්වාදය අැවිස්සීමට නොවේ.)
දත්ත* ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ඒ. නුවන් ඉෂාර මහගමගේ

No comments:

Post a Comment