පශ්චාත් නූතන සෙක්ස් සහ ස්ත්‍රීත්වය

පශ්චාත් නූතන SEX සහ ස්ත්‍රිත්වය

ස්ත්‍රීවාදය විකුණා තම නිර්-අනන්‍යතාවන් සාපේක්ෂ ලෙසදේශපාලන න්‍යාය පත්‍රයන් සාක්ෂාත් කරගනු වස් අනන්‍යතාවන් බවට පත් කරගන්නා සහ වෙළදපලට අවැසි ලෙස සැපයුම් තීරණය කරනා මතවාදීන් සහ සාර්ව විමතිකයන් මධ්‍යයේ ඉතා ප්‍රබල ලෙස ලිංගිකත්වය සම්බන්ධ යම් කාරණාවන් සංවාදී තලයෙන් ඉවත සභ්‍යත්ව සීමාතික්‍රමණයන් ලෙස ඉවත නොලා විමසීම අපහසු කාර්යයක්. මන්ද යත් මෙම මොහොත වන විට සිවිල් සමාජය තුළ සෑම ෙමාඩියුලයකින්ම ප්‍රති අරමුණු සහිත න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීම උදෙසා ස්ත්‍රීන් වෙනුවෙන් යැයි  ක්‍රියාත්මක වන වැඩසටහන් (සමාජමය) සහ පුද්ගලයින් අපට නිතරම මුණ ගැසෙන නිසා සහ අප ඒ පිළිබදව දැනුවත් නිසා. මේ බොහෝ දෙනෙක් තම ගමනෙ යම් ඉමකදී අතරමං වෙනවා.ඒ තමයි ඔවුන් සැබෑ මතවාදීන් ඉදිරිපිටට පැමිණෙන මොහොත.මෙහෙම හැසිරෙන (මවාගත් වටිනාකම් සහ යටි අරමුණු මත) පිරිමි සහ ගැහැණු වඩාත්ම අකමැති වන්නේත් නිරුවත් වීමට. ඒ,සමාජභාවය තුළ නිරුවත විසින් තමන් සහ තම මතවාදයන් නපුංසක බව හෙළි කැරීම,ඔවුන්ගේ ගමනේ අවසානය විය හැකි බැවින්. ඒත් අපි යමක් දකිනවා...ඒ ගැන කතා කරනවා..

ක්‍රමයට අනුගත වූ සභ්‍යත්ව අාවරණයක් සහිත පෙරදිග සංස්කෘතිය sex නැතිනම් භාවවිෂමතාව (මේ අපේ වචනයක්.පහසුවට sex කියමු) දෙස බලන්නේ අපරදිගට වඩා යම් සංවෘත අාකාරයකින්. නමුත් ෙජෙවීය සාධකය හා මනෝමූලික අාත්ම තෘප්තිය මත ප්‍රමෝදය කියන කාරණය මෙම කොටස් ද්වයටම පොදු නිසා ඒනම් ලිංගිකත්වය තුළ වින්දනය කරනු ලැබෙන සියල්ල මෙම කොටස් දෙක වෙතම පොදු බවක් දක්වන නිසා ඒ තුළ අපි දකිනවා සංස්කෘතික බැමි ලිහෙන සංදර්භයක්. මොකද අපරදිගදී රමණය තුළ අනෙකා ලබන තෘප්තියම පෙරදිගදී අපගේද ප්‍රමෝදය වන නිසා නැතිනම් අප ද පෙරකී තෘප්තියම ලබන නිසා. අපි ඒ තුළ නොදකින පැත්තක් දකිනවා ස්ත්‍රීවාදී මූලධර්ම සමඟ මේ විධියට. මොකද ස්ත්‍රියට සමාජ සංදර්භය තුළ ලැබිය යුත්තේ සමානතාව මිස ඉන් මෙහා තත්ත්වයක් නොවන බැව් අපි දක්නා නිසා.
අපි මෙසේ දකිමු. සිතන්න. ඔබ ඉදිරියේ පිරිමියෙක් සහ ගැහැණියක් මෙ මොහොතේ සංසර්ගයේ යෙදෙනවා. නැතිනම් මම පිරිමියෙක් ලෙස ගැහැණියකට අාරාධනා කරනවා සහවාසය පිණිස. ඒතැනදී මට පළමුව මතුවන ගැටළුව තමයි ඒ ගැහැණිය පිරිසිදු ද යන්න දෙවිධියකින්. ඒකක් තමයි මම මට කියනවා අැයගේ කන්‍යාභාවය බලන ලෙස. අනෙක තමයි අවිඤාණිකව හෝ සවිඤාණිකව මට සිතෙනවා (ප්‍රාතමික වචනයෙන්ම) මෙයා නාලා ද කියලා.ඒ කියන්නේ මම බයයි මගේ අැඟේ කුණු ගෑවෙනවාටත්. දැන් අනෙත් පැත්ත. මෙතැනදී ගැහැණිය ක්‍රියා කරනවා මීට හාත්පසින් විරුද්ධ ලෙස. පිරිමියා කළ ලෙසට අැය පිරිමියාගේ පිරිසිදු බව විමසන්නේ නැහැ නොහැකි නිසා සහ අනවශ්‍ය යැයි සිතන නිසා. දෙවන කාරණයට අැය දක්වන ප්‍රතිචාරය අපිට දැකගන්න පුළුවන් විවෘත ප්‍රදර්ශන කාමුකත්වය හරහා.ඒ පිළිබදව මෙහි නොවිමසන්නේ බාල වයස්කරුවන් මෙම ලිපිය නැරඹිය හැකි බැවින්. දැන් සහවාසයේ පළමු අදියරයේදීම ගැහැණිය කොන්දේසි විරහිතව පිරිමියාට අවනත වී අවසන්. දැන් අපි සිතමු ඒසේ අවනත නොවූවා යැයි. සිදු වන්නේ කුමක්ද? පිරිමියා තම කාර්යය නවතා දමයිද? නැත. ඒසේ කළා යැයි සිතමු. දැන් සංතෘප්තිය අහිමි වන්නේ පිරිමියාට ද? මෙතැන තිබෙන ප්‍රශ්න අපි මෙහෙම පෙළගස්වමු.
සහවාසය තුළ
Ø ගැහැණිය සිතනවා මෙම ක්‍රියාවලිය පිරිමියාගේ තෘප්තිය උදෙසා කැපවීමෙන් කළ යුතුයි කියා.ඒ නිසා උක්ත ප්‍රතිචාරයන් අපට නිබදව හමු වනවා.ඒ කියන්නේ තමන් තමන්ටම නොදැනී පුරුෂයාගේ ලිංගික උපකරණය බවට ගැහැණිය පත් වෙනවා.
Ø කන්‍යාභාවය විමසද්දී අැය පත්වන තිගැස්මට හේතුව තමයි අතීතයෙන් උරුම වූ දෑ අතරින් කවරාකාර වටිනාකම් පමණක් අනාගතයට ගෙන යා යුතුදැයි අැයට තීරණය කළ නොහැකි වීම.ඒ කියන්නේ ඉතිහාසය වෙනස් කිරීමේදී කාන්තාවගේ කාර්යයභාරය තීරණාත්මක වුවත් ඊට සමාජ වටපිටාවක් රහිත වීම.
Ø යම් හෙයකින් අැය මේ තත්ත්වය මැද සහවාසයෙන් ඉවත් වීමට යත්න නොදරන්නේ ඊළඟට පැමිණෙන බලහත්කාරය නිසා. නැතිනම් ඊට ඒකඟ වුවත් නොවූවත් බලහත්කාරය මත අැය මේ ක්‍රියාවලියට ලක් වන නිසා. මෙතැනදී අැය පුරුෂයාගේ මනෝ මූලික හිස්ටීරියාවට ප්‍රතිවේගයක් රහිත සහයෝගී ප්‍රපංචයක් බවට පත් වෙනවා.
නැතිනම් විකල්පික ප්‍රතිචාරද්වයක් සහිත තෝරාගැනීමක් දැන් අැයට ලබාගත හැකියි.
                         01. අැයි පොන්නයෝ මේක නොකළහම මට නැතිවෙන තෘප්තියම තමයි අවිඤාණිකව උඹට නැතිවෙන්නෙත් කියා අැයට කිව හැකියි.     
                         02. මම ඔයා කියන විධියට කරන්නම් ඩාලිං කියා ද කිව හැකියි.
තව දුරට යන විට සංසර්ග ක්‍රියා ස්වරූපය පවා පුරුෂයා තීරණය කරනවා. මෙවිට නෑ මම මෙහෙම කැමතියි කියා සිතැඟි හසුරවන්නට අැයට අවකාශයක් නැහැ. අැය දැන් පූර්ණ උපකරණයක් පමණයි. මන්ද යත් තත්ත්වය විෂම ලිංගික (Heterosexual) වන නිසා.නමුත් ඒ ගැඹුරු අවකාශය නෙවෙයි. මම අායෙත් අත් දකිනවා නැත්නම් මට සිතෙනවා හිස්ටරීක වෙන්නට. මම මගේ භාවයන් මුදා හරිනවා අාන්තික ප්‍රමෝදයක් දක්වා අසීමාන්තික සහ ප්‍රචණ්ඩ ලෙස.දැන් මට අවශ්‍යයයි අැය විදීම තුළ විදවීමත් අත් දැකීමට. මෙතැනදී තමයි උපදින්නේ බොහෝ දාර්ශනිකයන් කථා කරන ප්‍රචණ්ඩ ලිංගිකත්වය.(මේ ලිංගික ප්‍රචණ්ඩත්වය නොවේ) නැතිනම් පරපීඩන කාමුකත්වය. දැන් අපි අායෙත් සංකේත ලෙස දකිමු.
Ø සංසර්ග ක්‍රියා ස්වරූපය පුරුෂයා තීරණය කරන විට ගැහැණිය සිතනවා මෙය ඔහුගේ වගකීමක්ය තමන් ඊට අවනත විය යුතුය කියා. මන්ද යත් පුරුෂ ලිංගය හැසිරවීම පුරුෂයාගේ කාර්යය වීමත් ඒ මත සංසර්ගය පැවතීමත් නිසා.නමුත් මෙතැනදී ගොඩ නැඟෙන්නේ ප්‍රති-තාර්කික විමර්ශනතාවක් (anti-Dialectic).
Ø සහවාසය තුළ ප්‍රචණ්ඩභාවය මුදා හැරීම යනු තමන් ලබන ප්‍රමෝදය වෙනුවෙන් අනෙකා මත පීඩනයක් විදවීමක් අැති කැරීමයි.මෙයින් වින්දනයක් ලබන්නේ බොහෝවිට පුරුෂයා වන අතර කාන්තාව අවනත වීම මත පරිපීඩනීය උප සාධකය ලෙස හැදින්වෙයි. මෙය ස්ත්‍රීභාවය නිසා කාන්තාව හෙළා දැකීමේම (Sexism) අතුරු අවස්ථාවක් ලෙසත් සමාජය විච්ඡේදකයන්ට බොහෝවිට හසු නොවන අභ්‍යන්තරිකයක් ලෙසත් පෙනෙයි.ඉතා කළාතුරකින් ඉන් සතුටු වන කාන්තාවන් සිටීම මනෝ විස්ලේෂණීය කාරණයක් වෙයි.

මීළඟ වැදගත් කියැවුම නම් සමස්ථ ක්‍රියාවලිය පුරා අැය පුරුෂප්‍රමෝදය වෙනුවෙන් කැපවිය යුතු වීමයි. මේ තත්ත්වයත් පැහැදිලි කරගත හැක්කේ පෙරකී විවෘත ප්‍රදර්ශන කාමුකත්වය හරහා. මෙතැනදී තමයි භාවෝද්දීපනීය විදීමේ උච්ඡ අවස්ථාව. ඒ කියන්නේ පිරිමියා උදෙසා අැය තමන්ගේ නොවන අනෙකාගේ සුරතාන්තය උදෙසා වචනය පවා ප්‍රබල ලෙස භාවිත කළ යුතු අවස්ථාව.
පිවිසෙන්න සුරතාන්තයට. ඔබට පෙනෙනවා මනෝමුලික විදීමේ ක්‍රියාවලිය දැන් හෙජමොනික (Hegemonic) වී අවසන්. දැන් ගැහැණිය ෆැන්ටසියක් මවාගන්නවා තම කාර්යය අවසන් බවට. ඒ මොකද පිරිමි සුරතාන්තය අවසන් නිසා. නමුත් කිසිවෙක් නොවිමසන සාධකය තමයි ගැහැණිය සම්‍ය සුරතාන්තය තෙක් මෙතෙක් නොපැමිණීම තුළ ක්‍රියාව (Sexual Intercource ) අවසන් වෙන්නේ කෙසේද කියන කාරණය. මෙතැනදී අැය සීමාවන් තබාගන්නවා පිරිමියා ලිංගික සංසර්ග විෂයයෙහි පූර්ව නියාමකයා බවට. නැතිනම් අැය කල්පනා කරනවා අාරම්භය වගේම අවසානයත් තීරණය කරන්නේ පිරිමියා කියා. ඒතැනදී තව දුරටත් කාන්තාවට රැදී සිටීමේ හැකියාව සහිත වුව පිරිමියා විෂයයෙහි ඒසේ නොවන නිසා අැය තමන්ගේ ප්‍රමෝදයේ උච්ඡ අවස්ථාවට නොඒළැඹෙමින්ම වින්දනය ලබනවා.මෙ තුළ පහත කාරණා ප්‍රබලයි.
Ø සුරතාන්තය පිරිමියාට පමණක් සීමා වූවක් නොවන මුත් ඒ තුළ විදීම හිමි වන්නේ පිරමියාට පමණක් යැයි අැය සිතනවා. නමුත් තේරුම් නොගැනීම තමයි යම් හෙයකින් පිරිමියාට ප්‍රථමව අැය වින්දනය කළත් පුරුෂයාගේ සීමාව දක්වා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අැයට රැදී සිටීමට සිදු වීම.මෙම ඉල්ලීම කාන්තාවකට කළ නොහැකිද?
Ø අනෙක තමයි පූර්වෝක්ත හෙජමොනිකය. අවසන් මොහොත සැම විටම පිරිමියා තීරණය කරනවා. ඔහුට අවශ්‍ය නම් මෙතෙක් කරමින් සිටි සියල්ල අමතක කොට අැයව ප්‍රතික්ෂේප කළ හැකියි. බොහෝ ස්ත්‍රීවාදී පිරිමින් සහ ගැහැණුන් අැය වෙනුවෙන් කිඹුල් කදුළු සලන්නේ මෙන්න මේ අවස්ථාවේදීයි. නමුත් මෙම ස්ත්‍රීවාදී සුරතලුන් සමස්ථ සංසර්ග ක්‍රියාවලියම විමර්ශනය කරන්නේ නැහැ.ඒ තුළ මුල සිට අග දක්වා පුරුෂ මූලික වින්දනයක් පවත්නා බවත් මෙය වෙනස් විය යුතු බවත් නොදකින ඔවුන් අවසානයේදී පමණක් පශ්චාත් සංසර්ගය තුළ කාන්තාවට අාරක්ෂාවක් පැවතිය යුතු බවත් පිරිමියා අතින් යම් හෙයකින් අැය ගැබ් ගතහොත් හෝ අැගේ කන්‍යාභාවය කෙළෙසුනහොත් රැකවරණය දිය යුතු බවත් පමණක් කියනවා. මෙසේ පවසන ඔවුන්ම තමයි සියල්ල අවසානයේ කාටත් හොරා ලිංගිකත්වය තුළ කාන්තා විමුක්තිය පාවා දී තිබෙනුයේ.
දැන් මේ තත්ත්වය තුළ කාන්තාවට විකල්පද්වයක් පවතනවා.
01.පිරිමියා මඟහැර වින්දනය වෙත යාම.
02.තත්ත්වයන්ට බළපෑම් කරනු ලබන දේවල්හි (Things) ස්වරූපය වෙනස් කිරීම.
පළමු විකල්පය නවතින්නේ විෂමලිංගිකත්වය (Heterosexual) ඒක වාර්ගිකකරණය කරමින්. නැතිනම් සමලිංගිකත්වයට (homosexual) යොමු කිරීම මඟින්. ඒ තුළ අැය තවදුරටත් පුරුෂ මූලික වින්දනයේ පාර්ශ්වකාරියක් නොවන අතරම තමන්ගේ නොවන්නක් තම වින්දනය ලෙස භාර ගැනීමේ හෙජමොනික වහල් භාවයෙන්ද මිදෙනවා. නමුත් මෙම විකල්පය තුළදී හමුවන්නේ ස්වප්නමය විකාරරූපී මායාවක් (Fantacy Dreaming)පමණයි.මොකද මනෝමූලික උපකල්පනයන් මත මෙම සංසර්ගයන් රැදී පැවතීමත් තෘප්ත නොකළ හැකි වින්දනය විසින් අවසාන පරාජිතයා තමන්ම බවට ඔප්පු කිරීමත් නිසා. නමුත් ස්වභාවයෙන්ම නාරි ෙමෙතුන්‍යය කරා යොමු වන්නියන් මීට පරස්පර විරෝධී මනෝ විස්ලේෂණයකට බදුන් විය හැකි බවත් මතක තබා ගත යුතුයි.
නමුත් දෙවන විකල්පය තුළ ෆැන්ටසිමය වින්දනයක් වෙනුවට විෂමතා රහිත ප්‍රමෝදයකට අැයට ගමන් කළ හැකියි. මෙහිදී කිසිවක් වෙනස් නොවන අතරම පුරුෂ මූලිකත්වය වෙනුවට සමාන අවශ්‍යතාවයන් මුදුන් පමුණුවන සංසර්ගයක් බිහි වෙනවා. ඒතැනදී සහවාසයේ අාරම්භය අැතුළත්ව සෑම අදියරක්ම සම සහභාගීත්වයක් සහ සම්‍ය ප්‍රමෝදයක් ඉලක්ක කරගත්තක් බවට පත්වන අතරම සුරතාන්තයද සමසේ වින්දනය වන තැනකට යොමු වෙනවා. ඒ තුළ අවසානය වගකීමක් සහිත නිසා දෙපාර්ශ්වයම තෘප්තිමත්. අනෙකා මත වගකීම් පැටවිය නොහැකි ලෙස අනෙකා තමන්ට අනුගත වීම නිසා අතෘප්තිමත් පාර්ශ්වයක් තවදුරටත් නැහැ. දැන් අපට ප්‍රශ්නයක් මතුවෙනවා බලෙන් ලිංගික ක්‍රියාවේ යොදවාගන්නා කාන්තාව අරභයා තත්ත්වය වෙනස් බවට. ඉතින් ඒතැනදී අප දැක්වූ ලිංගික මූලධර්ම තව දුරටත් සක්‍රීය නොවන නිසා තත්ත්වය කොහොමත් සමකළ නොහැකියි. මන්ද යත් අප මෙතෙක් විස්ලේෂණය කරන ලද්දේ පූර්වානුමත සංසර්ග ක්‍රියාවලිය නිසා. නැත්නම් ස්ත්‍රීන් වෙනුවෙන් යැයි පෙනී සිටින බහුතරයක් තමන් නොදැනීම තම නීත්‍යානුකූල භාර්යාව හෝ ස්වාමියා සමඟ යහන්ගත වීමේදී කඩ කරන ස්ත්‍රී සමානාත්මතාවයේ නිරුවත නිසා.
උක්ත තත්ත්වය හමුවේ ස්ත්‍රිය කිසි දිනෙක සමාන තත්ත්වයකට පත්වන තෙක් ලිංගික ක්‍රියාවලිය (sex) තුළ අනෙකාගේ ප්‍රමෝදය තම වින්දනය කරගත් වින්දන උපකරණයක් ලෙස ක්‍රියා කිරීම වැළැක්විය නොහැකියි. මන්ද යත් අැය සමානයෙකු ලෙස නොසළකන තාක් ලොව කොතැනක ස්වාධීන වුවත් යහන තුළ අැය පරාධීන නිසා. ස්ත්‍රීවාදය තුළ බොහෝ දෙනා දකින සුන්දරත්වයෙන් මෙපිට ගැඹුර ප්‍රබලව විස්ලේෂණය කළ යුතු බවද අප අවධාරණය කරන්නෙමු.
(මෙම ලිපියෙහි අඩංගු සෑම මතයක්ම ලේඛකයාගේ පුද්ගලික මතයන් වන අතරම ඒ සම්බන්ධ සෑම වගකීමක්ම ඔහු විසින් දරන අතර සංවාදයට විවෘත ද වේ.)


ඒ.නුවන් ඉෂාර මහගමගේ.


ප්‍රමෝදය සහ සමාජය

                    අප ෙදෙනික කටයුතු ඉටු කරගන්නා හුරු පුරුදු සමාජ ව්‍යුහය තුළ පවතින්නේ දෘෂ්‍යමය ව්‍යුහගත අාකෘතිය පමණක්ම නොවේ. ඒ දකිනා සැකිල්ල ඒහි යම් පිළිබිඔුවක් පමණක් වන අතරම ඒ තුළ අප චින්තන සීමාව හා දෘෂ්‍ය පථය අතික්‍රමණය කරන්නා වූ සමාජ ප්‍රපංචයන් ගණනාවකි. ඒවායින් සමහරක් සභ්‍ය යැයි මිනිසා විසින්ම නිර්ණිත කාල සීමාවකදී සනාථ කරවාගෙන අැති අතරම තවත් සමහරක් නොවැළැක්විය හැකි හේතූන් මත මෙම කුළකයෙන් බැහැර වෙයි. ඒ බැහැර කරවන හෝ බැහැර වන්නා වූ සමාජ අාකෘතීන් ප්‍රශ්න කිරීමට බොහෝවිට සමහරුන් පසුබසින අතරම ඒවා විවරණය වන ඉඩකඩ ද අවම බැවින් යටිබිම්ගත සමාජ ප්‍රපංචයන්ගේ ස්වභාවයෙන් මිදීමට ද ඒ ස්ථරයන් අසමත් වේ. නමුත් නිවැරදි සමාජ කියවීමකදී විස්ලේශකයා සතු කාර්යය සීමාව ඒ නොවන අතරම උක්ත චූල සංස්කෘතීන් ප්‍රබලව ප්‍රශ්න කළ යුතුව අැති යුගයකට අප ප්‍රවිශ්ටව අැති වගද හේ තේරුම්ගත මනාය.
                            ලිංගිකත්වය මානව ප්‍රමෝදයෙහි පූර්ව කාලීන න්‍යෂ්ටියයි. ඒ තුළය අනෙකුත් සියල්ල (ප්‍රමෝදය පිළිබදව සලකන කල්හි) නාභිගත වනුයේ.මෙහි අභ්‍යන්තරික විස්ලේශනයකදී අපට මෙලෙස උප කුළකයන් හමු වෙයි.

  • සමලිංගික
  • විෂමලිංගික
  • ද්විලිංගික

                දැන් තම ප්‍රකාශන අයිතියෙහි සහ නිර්-තිරශ්චීන බවෙහි සීමාවන් මැනගත නොහැක්කන්ට අප සංවාදය වඩාත් දරුණු වනු නියතය. අපි මෙහෙම ගනිමු උක්ත සමීකරණයම.සමාජය තුළ පවතින අතිශය ගණිතමය ස්වභාවය මතුවන්නේ මෙතැනදියි.සිතන්න. සංඛ්‍යා වර්ග දෙකකි. ඔත්තේ( X ) සහ ඉරට්ටේ( Y ) සංඛ්‍යා. ඒවා සුළු වීමේදී පහත ස්වභාවයන් අනිවාර්යයෙන්ම දැරිය යුතු නොවේද? ඒක්කෝ X සමඟ X ඒකතු විය යුතුය, නැතිනම් X සමඟ Y  ඒකතු විය යුතුය, ඒසේත් නැතිනම් X මෙයින් X හා Y යන සංඛ්‍යා වර්ග දෙක සමඟම ඒකතු විය යුතුය. මෙයින් ගණිතානුකූල උප කුළක සියල්ල නිම වෙයි. දැන් සමාජයට යමු. ඒක්කෝ ඔබ මා වෙත බැදිය යුතුය, නැතිනම් අැය වෙත බැදිය යුතුය, ඒසේත් නැතිනම් මා සහ අැය යන දෙදෙනාම වෙත බැදිය යුතුය. ලිංගිකත්වය තුළ අප ගොනුගත කළ උප කුලකයන් සියල්ල සාධාරණ බව දැන් ඔබට වැටහෙනු අැත.
                     ඒසේ නම් නාරි ෙමෙතුන්‍යය හා පුරුෂ ෙමෙතුන්‍යය තව දුරටත් මුළුගැන්වී තිරශ්චීනව ලබාදෙන කුණු රසයන්ගේ ස්වභාවයෙන් මිදිය යුතු නොවේද? අද වන විට බොහෝ යුරෝපීය රාජ්‍යයන් මෙම ප්‍රවණතාව පෙන්නුම් කරන අතරම ඒ තුළ අප දකින්නේ සමානාත්මතාවාදී ප්‍රවේශයක් මිස අසංස්කෘතික සමාජ විකෘතිතාවයක් නොවේ.මන්ද යත් මෙම මොහොත වන විට අප රට තුළ යම් නීතියක් ක්‍රියාත්මක නොවේ නම් හෝ ඊට බලයත් නොමැති නම් ඒ මෙරට නීති පද්ධතිය නිර්මාණයේදී ඊට පසුබිම් වූ වික්ටෝරියානු නීතිය තුළ ඒ කරුණු නොතිබීම හේතුවෙන් මිස අනාදිමත් කාලයක සිට මෙරට පවත්නා අැගයුම් හෝ සාරධර්ම හෙයින් නොවන හෙයිනි. 
           අද වන විට විශ්ව මානව අයිතීන් විෂයයෙහි ද මෙම සංකල්පය ප්‍රමුඛ තැනකට පත්ව තිබේ.ඔබට අතැති සැරයටිය රිසි සේ වනමින් පාරේ ගමන් කළ හැකිවාක් මෙන්ම ඒ අයිතිය අනෙකාගේ නාසය ළඟින් කෙළවර විය යුතු යැයි ද අපි උගෙන අැත්තෙමු.ඒ ක්‍රියාවලිය සැබැවින් ඉන් ඔබ්බට නොයයි නම් ඒතැන වරදක් තිබේද යන්න ප්‍රශ්නකාරී නොවේද? අපි ජනප්‍රිය මතවාදය වෙනුවට සංවාදීව (සංවේදීව නොවේ) තෝරාගත් දුලබ සහ අසීරු නමුත් සෘජු මතයක සිටින්නෙමු. ඔව් සැබැවින්ම සමලිංගික අයිතිවාසිකම් සුරැකිය යුතුය.(මෙම ලිපියෙහි ඉතිරි කොටස මතුවට....)

ඒ. නුවන් ඉෂාර මහගමගේ


No comments:

Post a Comment