Monday, September 2, 2013

නුඹ දිවිය කෙමෙන් ගිලිහෙන තාරකාවක් සේ අනන්ත වූ විශ්වයෙහි දිව යන්නෙහිය..ඉදින් ඒව,කව,සැනහෙව
සහෘදය බලව
උඹලාට දිනන්නට සටනක් අැත.සටන් කරව වෙනස් වූ සමාජයක් වෙනුවෙන්....

වියමන
·         වර්ෂ 1796 ශී්‍ර ලාංකික දේශපාලන ධාරාව සදළුතලයෙන් බැස මාවතට පිවිසීම
·         වර්ෂ 1802 තම උරුමය අහිමි වූ ප්‍රභූ පැළැන්තිය ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තම පැවැත්ම උදෙසා රට පිළිබදව සිතීම
·       වර්ෂ 1815 ක්‍රමිකව නිර්මිත ජාතිකවාදයේ කලඒළි බැසීම
·       වර්ෂ 1833 රාමුගත කිරීම හෙවත් අපට පාඩමක්
·       වර්ෂ 1910 තව දුරටත්
·      වර්ෂ 1915 නියම අපේකම හෙවත් අනාතභාවය පිළිබදව නියම සිතියමක්
·      වර්ෂ 1920-1924-1931.....
·         වර්ෂ 1948 හැමෝම දිනුම් අපි පරාදයි
·         වර්ෂ 1972 අනුකරණවලට නොරැවටෙන්න
·      වර්ෂ 1978 ඒදා වාගෙම අදත් සූරයා
·         වර්ෂ 1..2.. තවමත් පැහැදිලියි
ඔව් අපි අළුත් සිතියමක් අදිමු

සමාජය තුළ සිහියෙන් වෙසෙන කුඩා කුලකයක් විදිහට අපි දකිනවා ප්‍රධාන මත හැඩගස්වන්නන් කිහිප දෙනෙක් නැත්නම් සමාජ කාරකයන් කීපයක්. ඒවා ඒකිනෙකට වෙනස් මෙන්ම අන්තර් ක්‍රියාකාරීත්වයකින්ද යුතුයි.අපේ සිතියම දිග හැරෙන්නෙ ඒ මත, මේ අතිශය ප්‍රබල සිතියම්ගත ලක්ෂයයන් තුළින් මානව ඉතිහාසයේ අමරණීය සාධක මතුවීමක් පෙන්නුම් කරනවා සේම ඒහි අනාගත ගමන්මඟ ද තීරණය කරනවා අැත. ඒහි තාර්කික ඒළැඹුම නම් මේ සාධකයන්ගේ හැරවුම් මත මානවයාගේ අනාගත හැරවුම් ලක්ෂයයන් තීරණය වන බවයි.
සිතියමෙහි සන්ධිස්ථාන අපි මෙලෙස දකිමු


Ø Political දේශපාලනය
Ø Literature සාහිත්‍යය
Ø Religion අාගම
Ø Language භාෂාව
Ø Culture සංස්කෘතිය
Ø Gender පුමිතිරි බව
Ø Nationality ජාතිකත්වය
Ø Communication සන්නිවේදනය
Ø Class පංතිය
Ø Monetary මූල්‍ය
Ø Technology තාක්ෂණය

මෙි අනුව විශ්ව ඉතිහාසය විමසීමෙදී අපට පෙනී යන්නෙ මානව ගමන් මඟ තීරණය කිරීමෙදී මෙම සාධකයන් ඉතා වැදගත් කාර්යයභාරයක් ඉටු කර තිබෙන බවයි.
ඉතින්..............
සාධනීය වෙනසක් සදහා ඔබට අපි සාදරයෙන් අැරයුම් කරමු.....
ඔබ යන මඟ සැවොම නොයනු අැත;
නමුත් ඔබ ඒ මඟ ගිය බව ඉතිහාසය විසින් අනාගතයට යම් දිනෙක පවසනු අැත..........
උක්ත සිතියම තුළ අපි සමාජය වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට බැදී සිටිමු...
මෙම ස්වරය වෙනුවෙනි
අප දේශපාලනික වශයෙන් දරන්නා වූ මතවාද කිසිවකු කෙරෙහි ද්වෙශසහගත නොවන අතරම ඒවායින් මිදී මෙහි පළවන ඔ්නෑම අධ්‍යාපනික,සාහිත්‍යමය, ලිපියක් මඟින් ඔබට දැනුම බෙදාහදා ගතහැක.ඔබගෙ අපක්ෂපාතී මත දැක්වීම් ද(comments) කිසිවකු කෙරෙහි ද්වෙශසහගත වන ඒවා නොවිය යුතුය.
ජාතික දේශපාලන ප්‍රවාහය තුළ පවත්නා මුග්ධ භාවය උද්දීපනය කිරීම සිදු වූයේ දර්ශනයක් රහිත අවස්ථාවාදීන් ඒ තුළ ලැගුම්ගත් හෙයින් බව අපි දනිමු.මෙවැන්නන්ට දර්ශනයක් ලබා දීම අප සතු කාර්යයභාරය නොවීම රටෙහි අවාසනාවකි(ලබා දීම තත්ත්වය මීට වඩා භයානක කරවන්නකි).
උසස් සාහිත්‍ය රසාසස්වාදය යනුද පවත්නා භාවිතයන්හි කල්පිතය තුළ වටහාගනු ලබන යථාර්ථය විනා අනෙකක් නොවෙ.ඒ තුළ මතුවන කම්පනයන් පවා දේශපාලනික වන අතරම ඒ දේශපාලන ස්වභාවයන් නුරුස්නාවුන්ටද අපගේ කියවිම තුළ ස්වයං වාරණයක් සහිතව තම තම රුචි පමණින් සියල්ල අදේශපාලනිකව කියැවිය හැක. නමුත් සත්‍යෙක්ෂණය වූ සමාජ කියවීම ඉන් මිදෙනුයෙ නැත.
මානව ඉතිහාසය තුළ අාගම අතිශය තීරණාත්මක වූ අතර අධිරාජ්‍ය විරොධී සටනෙහිදී සෑම ජාතියක් විසින්ම තම සටනෙහි ප්‍රථම වෙඩි මුරය තබන්නෙ අාගමෙහි නාමයෙන් යැයි මාක්ස් ප්‍රකාශ කරයි.ඒ අනුව අාගම තුළ පවත්නා දෙශපාලනය කෙබදුදැයි වටහාගැනීම අසීරු නැත. මෙ මොහොතෙහි මැද පෙරදිග තත්ත්වය මෙහි ඒක් අන්තයක් පෙන්නුම් කරන අතරම ලංකාවෙහි තත්ත්වය තවත් අන්තයක් පෙන්නුම් කරයි.
ගල් යුගය තුළ සභ්‍යත්වයෙහි ඉම් සෙවූ මිනිසා ප්‍රකෘති ක්‍රෑර භාවයන්ගෙන් මිදීමට මං තනාගනු ලැබුවෙ භාෂාව මෙවලමක් කර ගනිමින් වූ අතරම ඒ තුළ මිනිසා ලද ජයග්‍රහණය නම් අත්කරගත නොහැක්කක් නැති වීමයි.
ඒ ගමන තුළ මිනිසා තම ගොනුගත වීම සාක්ෂාත් කරගත්තෙත් සාර්ව රැකවරණයක් සහිත පෞද්ගලිකත්වය බිහිකරගන්නෙත් සංස්කෘතිය නම් වූ අපූර්ව මෙවලම පිහිටට ගනිමිනි.අද ඔබ අප සමඟ විදින මෙ තත්පරයෙහි අපූර්ව හිමිකරු උක්ත සංස්කෘතියයි.
ස්ත්‍රිය හා පුරුෂයා තුළ වර්ධනය වූ උක්ත සාධනයන්හි පොදු හිමිකාරීත්වය මෙම දෙපළටම හිමි විය යුතු බව අප දැඩිව තහවුරු කරන්නෙ ස්ත්‍රීවාදීන්ට තම සටනෙහි ෙගෟරවය සියයට සියයක්ම ලබා දෙමිනි.
නමුත් මානව ඉතිහාසය තුළ අප ලද දරුණුම පරාජය නම් ජාතිකත්වය අභිබවා ජාතිවාදයක් නිර්මාණය කරගැනීමයි.ඒ තුළ අප අත්දකින ලද සහ අත්දකිමින් සිටින දෙ ඉතා බැරෑරුම් බව බැලූ බැල්මට පෙනී යන අතරම විවිධ රූපයන්ගෙන් අප රට තුළ මෙන්ම ඉන් පිටතද ක්‍රියාත්මක සුළුතරය වූ අනෙකාට විරුද්ධ ක්‍රියාමාර්ගයන් අප පිළිකුල් කරනුයේ ඒ බැවිනි.
සියල්ල අභිබවා නූතන සන්නිවේදනය ප්‍රමුඛ කාරකය බවට පත්ව අැතත් ස්නව්ඩන්ලා සහ අශාන්ජ්ශෙලා විසින් නිරුවත් කරනු ලබන අධිපති මතවාද ජීවමානව සිටින තාක් කල් අප සටන අවසානයක් නොදකිනු අැත.
ඒංගල්ස් විසින් දුටු පරිදි සමාජ සංකූලතාවන්හි මූලික සාධකය ඒනම් පංති විෂමතාවය,සමාජ ස්ථරයන් තුළින් විසරණය වී වරප්‍රසාදිත මහා සංස්කෘතීන් බිහි කිරීම උත්පාදනය වූ තැන් සිට අවතැන් වූ සියළු චූල සංස්කෘතීන් වෙනුවෙන් මහ පොළව තුළ සෑම තැනකම අප සටන කුමන රූපයකින් හෝ ක්‍රියාත්මක වනු අැත.ඒ සර්ව සාධාරණ සමාජයක් උදෙසා මිස තවත් වරප්‍රසාදිතයෙක් බිහි කිරීමට නොවෙ.
විශ්ව ගම්මාන ක්‍රියාවලිය තුළ මූල්‍ය සාධකය පරතෙරට පැමිණෙන්නෙම උක්ත වරප්‍රසාදිත පංතීන්හි ප්‍රාග්ධනය මත යථාර්ථය පවා වාණිජ අරමුණු හා ඉලක්ක කේන්ද්‍රිත ව්‍යාපෘතියක් බවට පත් කරමින් වුව ඒවාහි වලංගුභාවය තීරණය කරනු ලැබෙන්නෙ ඉතිහාසය විසිනි.ඉතින් තව දුරටත් මූල්‍ය, වරප්‍රසාධිත ප්‍රාග්ධනයක් පමණක්ම නොවී ඉන් විනිර්මුක්තයන්ට අවස්ථා සැපයුම්කරුවකු(පංති සාධකය තුරන් කරනු වස්) බවට පත් වනු අැත.
ඒ ක්‍රියාවලිය තුළ ප්‍රධාන කාර්යයභාරය තාක්ෂණිකමය වනු අැති අතරම නවීන තාක්ෂණය මානවයාට ඉතිහාසගත ජයග්‍රහණයන් අත්කර දෙනු අැත.   

මෙම ස්වරය වෙනුවෙනි
welcome to swara sri lanka



ස්වර blog පිටුව දිනපතා යාවත්කාලීන කරනු ලැබෙන අතර යාවත්කාලීන කළ ලිපි සදහා
(මෙම පිටුව හැර)

blog පිටුවෙහි ඉහළ තීරුවෙහි සදහන් පසු පිටු වෙත
ඔබගෙ පහසුව සදහා සෑම පිටුවක්ම අන්තර්ගතයෙහි නාමයෙන් දක්වා අැත




ගඟ ගලා ගියාදෙන්...මල් පිපී පරව යත්දෙන්...උඹ තවම නොමළ නින්දෙන්...නැගිටපන් සටන් වැදියන්..




No comments:

Post a Comment